මේ අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සදහා බංග්ලාදේශයේ දී පැවති ශාරිරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වූ මෙම ක්‍රීඩකයින් දෙදෙනාට එංගලන්ත තරග සංචාරය සදහා සහභාගී වීමේ අවස්ථාව ද මේ වන විට අවිනිශ්චිත වී ඇති බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනාට ඉදිරියේ දී යළිත් වරක් යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දී ඉන් සමත් වීමට සිදු වේ.
එසේ වුවහොත් පමණක් එම ක්‍රීඩකයින්ට එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා වනු ඇත.
වාර්තා වන ආකාරයට මෙලෙස පරීක්ෂණයෙන් අසමත් වී ඇත්තේ ධනුෂ්ක ගුණතිලක සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයින් දෙදෙනායි.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කල වාර්ෂික කොන්ත්‍රාත් ක්‍රමයට ක්‍රිඩකයින් විරුද්ධ බව මේ වන විට වාර්තා වේ.

