මෙරට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටි ගැසීමෙන් මියගොස් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී අනාවරණ කළාය.
එමෙන්ම ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 367ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පැවසූ අතර, මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 97,471කි. වැඩිම ආසාදිතයන් පිරිසක් හමුවූයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්ය. එම සංඛ්‍යාව 94කි. ඊයේ දිනයේ දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් ගම්පහින් හඳුනාගත් අතර එම සංඛ්‍යාව දැක්වුණේ 54ක් ලෙස දැක්වේ.
කුරුණෑගලින් ද ඊයේත් ආසාදිතයන් 43 ක් හඳුනාගැනුණු අතර, විදෙස්ගතව සිට පැමිණි 22 දෙදෙනෙකුටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනවී ඇති බවට වාර්තා වේ.
ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 97,471කි.