ඇස්ට්‍රාසෙනෙකා මර්දන එන්නත ලබාගැනීමෙන් සංකූලතාවක් ඇති වුවහොත් ඇමතීමට දුරකතන අංකයක්

කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පසුව  සංකූලතාවක් ඇති වුවහොත් ඒ පිළිබඳ දැනුම්දීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හඳුන්වාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

011 3 415 985 යන දුරකථන අංකය ඔස්සේ ඒ පිළිබඳ දැනුම්දිය හැකි අතර ආසාත්මිකතා ඇති වන පුද්ගලයින් සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ විශේෂ ඒකකයක් ද  ස්ථාපිතකර ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *