ඇඳීරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශ වලට අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ බලපත‍්‍ර ලබා දීම අද සිට

ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක ප්‍රදේශ වල අදාළ කාල සීමාව තුළ ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීමට අදාළ බලපත‍්‍ර නිකුත් කිරීම අද (02) දිනයේ සිට සිදු කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි. ඒ මහතා පවසන්නේ අද සිට එම ක‍්‍රමවේදය විදිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන බවයි.

යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම ක‍්‍රමවත් අයුරින් සිදු කරන බවයි. සතොස සහ සුපිරි වෙළදසැල් ජාල ඊට සම්බන්ධවීමට දැනටමත් සූදානම් බව යුද්ධ හමුදාපතිවරයා පවසා සිටියා. මෙම ක්‍රමවේදය හමුවේ, මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි අද දිනයේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ වෙළදසැල් විවෘත නොවන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *