කොවිඩ් චක්‍රලේඛ අනුව ක්‍රියාත්මක නොවීම නිසා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිට එරෙහිව විනය ක්‍රියා මාර්ග

කොවිඞ් 19 පැතිරීම වැලැක්විමේ චක‍්‍රලේඛ අනුව කි‍්‍රයාත්මක නොවීමේ චෝදනාව මත වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පියවර ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. නිරෝධායනය වන පවුල්වලට අවශ්‍ය පහසුකම් සැපයීම හා ඒ සම්බන්ධව නිසි අධීක්ෂණයක් නොකිරීම වැනි චෝදනා වැලිපැන්න පොලිස් ස්ථානාධිපතිවරයාට එල්ල වී ඇති බවට වාර්තා වේ.

එමෙන්ම බස්නාහිර පළාතභාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉකුත්දා වැලිපැන්න පොලිසියට පැමිණි අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හා එහි පරිපාලන අංශයේ ස්ථානාධිපතිවරයාද සිවිල් ඇදුමින් සැරසී සිටි ඇති බවටයි පොලිස් ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *