පුඩළුඔය පොලිස් වසමට අයත් කොත්මලේ නියංගංදොර පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරුවීමෙන් එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා තිබේ.
කොත්මලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසුවේ,එම ආයතනයේ අසාදිතයන්ගේ ආශ්‍රිතයින් ස්වයං-නිරෝධානයට යොමුකිරිමට පියවරගත් බවයි.
එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 850 දෙනෙකු පමණ සේවය කරන බවත්, ඉන් 799 දෙනෙකු ඊයේ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක්කර තිබේ.
අසාදිතයන් අතර රියදුරෙකු ද සිටින බවත්, අසාදිතයන් කිහිපදෙනෙකු දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල අය බවත්, අසාදිතයන් වැඩි පිරිසක් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල බලප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔහු කීය.