Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයි
ප්‍රවෘත්ති

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන්
ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 2,624 දෙනාගෙන් වැඩිම පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 551ක් දෙනෙකු වාර්තා වී ඇත. දිවුලපිටිය 120ක්, මිනුවන්ගොඩ 51ක්, සීදුව 63ක්, ගම්පහ 44ක්, කටාන 58ක්, මීගමුව 24ක්, කිරිඳිවෙලා 20ක් සහ පල්ලෙවෙල 19ක් ලෙස ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 362 දෙනෙකු වාර්තා වී ඇත. පානදුර – දකුණ 67ක්, මීගහතැන්න 62ක්, බුලත්සිංහල 43ක්, අගලවත්ත 20ක්, හොරණ 21ක්, පානදුර 27ක්, කළුතර 28ක්, මතුගම 31ක්, වැලිපැන්න 13ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 321ක් දෙනෙකු වාර්තා වී ඇත. පිළියන්දල 50ක්, තලංගම 35ක්, මොරටුව 30ක්, කොට්ටාව 27ක්, හෝමාගම 18ක්, කොළඹ නගර සභා බල සිමාවේ 32ක්, අවිස්සාවේල්ල සහ හෝමාගම ප්‍රදේශ වලින් ආසාදිතයා 18 දෙනා බැගින් වාර්තා වී ඇත.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වී ඇත. නුවරඑළිය 102ක්, කොටගල ප්‍රදේශයෙන් ආසාදිතයින් 65ක් දෙනෙකු ද ඊට අයත්ය.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 177 දෙනෙකු වාර්තා වී ඇත. පන්නල 38ක්, නාරම්මල 35ක්, නිකවැරටිය 22ක්, හෙට්ටිපොල 24ක් සහ කොබෙයිගනේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 12ක් වාර්තා වී ඇත.

මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 170 දෙනෙකු වාර්තා වී ඇත. අම්බලංගොඩ 43ක්, ඇල්පිටිය 15ක්, ගාල්ල 24ක්, හබරාදුව 22ක් සහ හික්කඩුව 16ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වී ඇත. පැල්මඩුල්ල 39ක්, රක්වාන 26ක්, ඇහැලියගොඩ 18ක් සහ කලවාන ප්‍රදේශයෙන් ආසාදිතයින් 27ක් වාර්තා වී ඇත.

යාපනය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී ආසාදිතයින් 109 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 72ක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

මේ අතර මාතර 19ක්, කෑගල්ල 39ක්, බදුල්ල 23ක්, අම්පාර 13ක්, අනුරාධපුර 83ක්, ත්‍රිකුණාමලය 36ක්, මුලතිව් 01, මහනුවර 50ක්, පුත්තලම 46ක්, මාතලේ 26ක්, කිලිනොච්චි 22ක්, පොළොන්නරුව 54ක්, හම්බන්තොට 41ක්, මොණරාගල 92ක්, මඩකලපුව 26ක් සහ විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් 51ක් දෙනෙකු ආසාදිතයින් ලෙස වාර්තා වී ඇත.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *