යුධ හමුදාපති

ආරක්ෂාව තහවුරු කරන බව යුද හමුදාපති කියයි

ජනතා ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට තමා සහතික වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ශ්‍රී ලංකා යුද හමුදාව මඟින් සංවිධානය කරන “දියකාවා”පුහුණු අභ්‍යාසයේ මහනුවර පැවති පුහුණු වැඩසටහනකට එක්වෙමින් හමුදාපතිවරයා එසේ කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ පසුගිය සමයේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයෙන් සිදුවු සිදුවීම්වලට අදාළ සැකකරුවන් බුද්ධි තොරතුරු ඔස්සේ යමින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි. ඒ හා සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට නිඳැල්ලේ සිටීමට ඉඩ නොතබන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් අභියෝග රැසක් මධ්‍යයේ තමන්ව යුද හමුදාපති ලෙස පත් කළ බව පැවසු ඒ මහතා ජනාධිපතිවරයා බලාපොරොත්තු වු ලෙස ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය.

(උපුටා ගැනීම – අද දෙරණ / Image – News First)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *