lk reports news sinhala

ඉදිරි අනතුර ඥානසාර හිමියෝ පෙන්වා දෙති

ඉදිරි කාලයේදි යළි අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බව බොදු බල සේනා සංවිධානයේ මහලේකම්  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඇඹිලිපිටියේ පැවැති උත්සවයකදිය.

මාවනැල්ලේ බුදුපිළිම කඩපු කල්ලියට නායකත්වය දීපු මවුලවිවරයෙක් අත්අඩංගුවට ගැනිමෙන් පසු මෙසේ කියා තිබුණා. “අපේ සැලැස්මක් තිබුණා, ලංකාවේ පළාත් 9ටම පහර දීලා ආරම්භ කරන සන්නද්ධ ක්‍රියාවලිය වැඩිදියුණු කිරිමෙන් 2027දී මේ රට අල්ලගන්න.” යනුවෙන්  පසුගියදා ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා. යැයි පැවසූ ඥානසාර හිමියෝ ඉදිරියේදී තව ප්‍රහාර මාලාවක් එන්න නියමිත බව කියා සිටියහ. එය කොයි ආණ්ඩුව ආවත් නවත්වා ගැනීමට හැකියයි තමා විශ්වාස නොකරන බවද කී උන්වහන්සේ ඔවුන් රට ඇතුළේ ඉතා සන්නද්ධ බවද කිහ.

“විශාල ප්‍රමාණයක් සල්ලි මේ රටට ඇවිල්ලා තියෙනවා.ඩොලර් බිලියන ගණනාවක්. ඒ සල්ලි කොහොමද රටට ආවේ? ඒ සල්ලි මොකටද එන්නේ? සංවිධානාත්මක ආක්‍රමණයක් රට ඇතුලේ. අපි මේ 14 වැනිදා විශේෂ තරුණ සමුළුවක් තියන්න තීරණය කරලා තියෙනවා නුගේගොඩදී. එතැනදී අපි රටේ පොදු මහජනතාව විශාල බලාපොරොත්තුවකින් ඉන්නවා මේ ජනාධිපතිවරණයේදී අපි මොකද කියන්නේ? හාමුදුරුවරු මොකද කියන්නේ, මොකද අපි කියපු දේවල් සත්‍ය වුණා. ඉතින් මේ 14වැනිදා බලාපොරොත්තු වෙනවා අපේ මතය රටට කියන්න, මිනිස්සු පෙළගස්වන්න. ජනාධිපතිවරණයේදී අපි මොකක්ද කරන්න ඕනේ?  මහමැතිවරණයේදී අපි මොකක්ද කරන්න ඕනේ? අපි හිතනවා මේක සිංහලයන්ට තියෙන අවසාන අවස්ථාව. ජාතියක් විදියට රැකෙනවද? ජාතියක් විදියට වැනසෙනවද කියලා අපේ පැවැත්ම තීරණය වෙන්නේ මේ මැතිවරණ දෙකෙන්.” යැයිද ඥානසාර හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

(Image – Daily News)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *