Lk reports news sinhala

මුරලිත් ගෝඨා වෙනුවෙන් වියත් මග හා එක්වන බවට ආරංචි

යහපත් අනාගතයක් වෙනුවෙන් සමාජයේ ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් හා දේශපාලනයන් එකතුව නිර්මාණය කළ වියත් මග තරුණ හමුවට හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් එක්වීමට නියමිත බව වාර්තා වේ. කොළඹ ශැන්ග්‍රීලා හෝටලයේ දී සැප්තැම්බර් 8(අද) පැවැත්වීමට නියමිත වියත් මග සම්මේලනයට ඔහු එසේ එක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

වියත් මග වැඩසටහන හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා සභාපතිත්වය උසුලන ඔහුගේම නිර්මාණයක්‌ වන අතර මෙම ස්‌වේච්ඡා සංවිධානයේ මෙහෙවර වන්නේ ‘යහපත් අනාගතයක්‌ වෙනුවෙන් වෘත්තිකයන්’ පෙළ ගැස්‌වීමයි.

මුත්තයියා මුරලිදරන් මේ පිළිබඳ තවමත් ඍජුව අදහසක් දක්වා නැති අතර ඔහු ඊට එක්වන බවට විවිධ මාධ්‍ය වාර්තා පළවෙයි.

(Image – Cric Tracker.com)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *