අසාම් අමීන් BBC සිංහල පුවත් සේවයෙන් ඉවතට

BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් සේවයෙන් ඉවත් කර තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදයක් පැවත්විමේ සිද්ධිය හේතුවෙනි. වාර්තා වන අන්දමට BBC ආයතනය විසින් ලිඛිතව මේ සම්බන්ධයෙන් ඊයේ දිනයේදි අසාම් අමීන්ට දැනුම් දී ඇති බවටයි වාර්තා වන්නේ. මෙහිදී BBC ආයතනය විසින් ඔහුගේ සේවයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසිමක් ද සිදුනොකල බවයි වාර්තා වන්නේ.

ජනවාරි මස අවසානයේදි BBC සේවයෙන් ඉවත්ව යාමට අසාම් අමීන් මිට පෙර ඉල්ලිමක් සිදුකර තිබු බවටද තොරතුරු වාර්තා වනවා. නමුත් බී.බී.සී ආයතනය විසින් එම ඉල්ලීම පිළිනොගත් බවත් ඉන් අනතුරුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සහ අසාම් අමීන් මහතා අතර ඉකුත් ජනාධිපතිවරණ සමයේ පැවැති දුරකථන සංවාදයක හඬපටයක් ජනවාරි මස19 වන දින සිංහලේ සංවිධානය විසින් මාධ්‍ය හමුවේ අනාවරණය කරනු ලැබීමෙන් පසුව බී.බී.සී ආයතනය විසින් අමීන් මහතාගේ අස්වීම පිළිගෙන ඇති බවටත් වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *