හඩපට සම්බන්ධව වැඩ තහනම් වූ මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගෙන් ප්‍රකාශ සටහන් කරගැනේ

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සමග දුරකතන සංවාද පැවැත්වීමේ සිද්ධියට අදාළව වැඩ තහනම් කෙරුණු බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත අද (21) කැඳවා තිබෙනවා. ඒ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග සිදුකරන ලදැයි කියන දුරකතන සංවාද වලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහායි.

අදාළ දුරකතන සංවාදයේදී අනාවරණය වූ කරුණු අනුව බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ වැඩ තහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා නියෝග කළා.

මේ අතර නීතිපතිවරයාගේ උපදෙස් පරිදි කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ (20) විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මණි රණවක ගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රකාශ සටහන් කර ගත්තා.

මේ අතර අධිකරණ කටයුතු සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සමග දුරකතන සංවාදයක යෙදුනු විශ්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක අත්අඩංගුවට ගන්නා ලෙස දැක්වෙන පෝස්ටර් රැසක් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල අද අලවා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *