අසත්‍ය තොරතුරු දුන් කොවිඩ් ආසාධිතයෙක් අතුරුදන්

Share this Article

පී.සී.ආර් පරීක්ෂණයක් සඳහා පෞද්ගලික රෝහලකට පැමිණ අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට කොවිඩ් ආසාධනය වී ඇති බවට හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මෙම පුද්ගලයා අදාළ රෝහල වෙත අසත්‍ය තොරතුරු ලබාදීම නිසා ඔහු සොයාගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බවයි ඒ මහතා පවසා සිටින්නේ.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ යම් පුද්ගලයෙකුට සැක සහිත රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රථමයෙන් රෝහල වෙත ගමන් කිරීම නුසුදුසු බවත්, ප්‍රථමයෙන් නිවෙසේ නිරෝධායනයවී ඒ අතරතුර ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගතයුතු බවයි.


Share this Article

Leave a Reply

Your email address will not be published.