අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (12) පස්වරු 05.00 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි.
මේ අතර දුම්රිය මගීන් සඳහා සුහුරු ප්‍රවේශ පත්‍රයක් හඳුන්වා දීම හා දුම්රියේ ආසන වෙන්කිරීම ඔන්ලයින් ක්‍රමයට සිදුකිරීමේ පද්ධතියක් හඳුන්වාදීමට අදාල යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව මගී ප්‍රවාහන කලමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළා.
අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුමැතිය ලබා ගැනීම සදහා මේ වනවිටත් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද එම අමාත්‍යාංශය පෙන්වා දුන්නා. දුම්රිය ප්‍රවේශ පත්‍ර කල් තියා වෙන් කිරීමේ දී ඇතැම් පුද්ගලයින් විසින් සිදුකරන නීති විරෝධී ක්‍රියා හේතුවෙන් දේශීය මෙන්ම විදේශීය මගීන් අපහසුතාවට පත්වන බැවින් මෙම පියවර ගෙන තිබෙනවා.