ත්‍රිවිධ හමුදාව

ත්‍රිවිධ හමුදා පොදු සමා කාලය අදින් අවසන්

ත්‍රිවිධ හමුදා හැරගිය පිරිසට නැවත සේවයට වාර්තා කිරිම සඳහා ලබාදී තිබූ දින හතක පොදු සමාකාලය අදින් (12) අවසන් වන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

පසුගිය 05 වනදාසිට අද දක්වා දින හතක පොදු සමා කාලයක් ප්‍රකායට පත් කළ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

ඊයේ (11) දිනය වනවිට නිළධාරින් 13 සහ සෙසු නිළධාරින් 6259 දෙනෙකු යලි සේවයට වාර්තා කර ඇති අතර සේවයට වාර්තාකළ පිරිස අතර යුද හමුදා නිළධාරින් 06 දෙනෙකු සෙසු නිලයින් 4528 දෙනෙකු නාවික හමුදාභටයින් 707 දෙනෙකු, ගුවන් හමුදා නිළධාරින්07 දෙනෙකු සහ සෙසු නිලයින් 1024 දෙනෙකු වන බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කළේය.

එමෙන්ම නීත්‍යානුකූල නොවන අයුරින් සේවය හැර ගොස් සිටින හමුදා සාමාජිකයින්ට අද දිනය තුළ යලි සේවයට වාර්තා කිරිමට හෝ අවශ්‍යතාව පරිදි සේවා නිෂ්කාශන ලබාගෙන සේවයෙන් ඉවත්විමට හැකියාව පවතියි.

මේ අතර පොදුසමා කාලයට සමගාමීව ප්‍රකාශයට පත් කර තිබූ නීත්‍යානූකූල නොවන අයුරින් පුද්ගලයින් සතුව පවතින ගිනි අවි භාරදීමේ කාලසීමාව ද අදින් අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *