කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 714 දෙනෙකු අද දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා ඇත.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,636කි.
එය මේ දක්වා මෙරටින් වාර්තා වු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ද වේ.
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 530ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 95,975ක් වේ.