Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

රැකියා සඳහා ජපානයට යෑමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට පණිවුඩයක්

රැකියා සඳහා ජපානයට යෑමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට පණිවුඩයක්

ජපානයේ තාක්ෂණික සේවාවන් හි රැකියාවලට ශ්‍රමිකයන් බඳවාගැනීම සඳහා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවලට අවසර ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබේ.

අදාළ වෘත්තීන් සඳහා බඳවාගත් සුදුසුකම් සහිත රැකියාලාභියකුගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව වන්නේ රුපියල් 350,000ක් බව එම කාර්යාංශය සඳහන් කරයි.

රැකියාලාභියෙකුගෙන් අයකළ හැකි උපරිම ගාස්තුව ඉක්මවා මුදල් අයකිරිම නීතිවිරෝධි වන බවත් එලෙස වැඩිපුර මුදල් අයකරන රැකියා නියෝජිතයන්ට එරෙහිව නිතිමය පියවර ගෙන ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කරන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

ජපානයේ රැකියා සඳහා ශ්‍රමිකයන් බඳවාගැනීමට අවසර ලබාදි ඇති බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනවල නාමලේඛණය කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවිය මගින් ලබාගත හැකිය.

එසේම නියමිත ගාස්තුවට වඩා මුදල් අයකරන රැකියා නියෝජිතායතන පිළිබඳව පැමිණිළි, කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ 0112-864118 හෝ 0112-864241 දුරකථනයට දැනුම්දිය හැකි බව එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *