අත්අඩංගුවට ගත් රංජන් අද අධිකරණය හමුවට

පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබාදුන් ගිනි අවියට අදාළ බලපත්‍රය 2016 වසරෙන් පසු අලුත් නොකිරීම සහ ජීව උණ්ඩ ළඟ තබා ගැනීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද නුගේගොඩ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව බව වාර්තාවේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගත් රංජන් රාමනායක මන්ත්‍රීවරයාගෙන් වැඩිදුර ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව ඔහු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *