අජිත්

අජිත් ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ඉවතට

විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න සහ නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ඇප මත මුදා හරින ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඒ අනුව සැකකාර නීතිඥ අජිත් ප්‍රසන්න ඇතුළු සැකකරුවන් තුන්දෙනා තවදුරටත් ලබන 24 වනදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරන බවද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේය.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉකුත් දා ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ ඔවුන්ගේ නීතිඥවරු මෙම නඩුවෙන් ඉදිරිපත් වන කරුණු වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත යටතට නොවැටෙන බැවින් ඔවුන් ඇප මත මුදාහරින්නැයි ඉල්ලා තිබුණි.

එහෙත් අද(10) මෙම ඉල්ලීම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අදාළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව නිවේදනය කළේය.

මෙම සැකකරුවන් විසින් අදාල මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් කරන ලද කරුණු වලින් අධිකරණයට යම් අපහාසයක් සිදුවී තිබේ නම් ඒ පිළිබඳව අභියාචනාධිකරණයට පැමිණිලි කිරීමට පියවර ගන්නා ලෙස ද එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසියට සහ නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *