ජපුර සරසවි සිසුවා අනතුරට පත්කිරීම සම්බන්ධව පුළුල් පරීක්ෂණයක්

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව පළමු වසර සිසුවෙකුගේ හිසට ට්‍රැක්ටර් ටයරයක් පතිත කරනු ලැබීයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. එහිදී කිසියම් පාර්ශවයක් වැරදිකරුවන් බවට පත්වුවහොත් විනය ක්‍රියාමාර්ග පවත්වා පන්ති තහනම් සහ දඬුවම් දීමටද පියවර ගනු ඇත.

කළමණාකරණ පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු මෙම සිදුවීමට මුහුණ පා ඇති අතර, හිසෙහි අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් ඔහු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර
ඔහු ශල්‍ය කර්මයකටද ලක් කර ඇති බව වාර්තා වේ.

මෙම අනතුර සිදුවී ඇත්තේ පසුගිය 06 වනදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුන්ගේ මූලිකත්වයෙන් සංවිධානය කර තිබු උත්සවයක් අවසානයේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *