ළමයින් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයන් ඇතුළු රාජ්‍ය සේවයට එක්වන පුද්ගලයන්ට ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව තහවුරු කරන සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.
ළමයින් සමඟ සෘජුව කටයුතු කිරීමට සහ ඔවුන් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබෙන තනතුරුවලට පත්කරන පුද්ගලයන් අතර ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් නොසිටින බව තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව අමාත්‍යවරිය පැවසුවාය.
යෝජිත ක්‍රමවේදය යටතේ අදාළ සහතිකය පොලිසිය හෝ වෙනත් බලයලත් රාජ්‍ය ආයතනයක් විසින් නිකුත් කිරීමට නියමිතය.
මෙහි විශේෂත්වයක් වන්නේ මෙම අවශ්‍යතාව දැනටමත් රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන්ටද අදාළ වීමයි.
ඒ අනුව රාජ්‍ය සේවකයන්ට සේවා කාලය තුළ නිවාඩු ලබාගැනීමේදී සහ වැටුප් වර්ධක ලබාගැනීමේදී අදාළ සහතිකය නැවත ලබාගෙන ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.
එමගින් අදාළ කාලසීමාව තුළ ඔවුන් ළමා අපරාධ සම්බන්ධ ක්‍රියාවලට සම්බන්ධ වී නොමැති බව තහවුරු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
“රාජ්‍ය සේවයට ඇතුළත් වන අවස්ථාවේදී, විශේෂයෙන්ම ළමයින් සමඟ කටයුතු කිරීමට ප්‍රවේශය ලැබෙන රැකියා සඳහා, එම පුද්ගලයන්ට ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව තහවුරු කිරීම අවශ්‍යයි. මේ අවශ්‍යතාව තහවුරු කිරීම සඳහා අපි කැබිනට් පත්‍රිකාවක් හරහා පියවර ගනිමින් සිටිනවා.
“ඒ වගේම දැනටමත් රාජ්‍ය සේව


