Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

“ළමා අපරාධ චෝදනා නොමැති බවට සහතිකයක්”: ළමයින් සමඟ කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට නව ආරක්ෂණ ක්‍රමවේදයක්

“ළමා අපරාධ චෝදනා නොමැති බවට සහතිකයක්”: ළමයින් සමඟ කටයුතු කරන රාජ්‍ය සේවකයන්ට නව ආරක්ෂණ ක්‍රමවේදයක්

ළමයින් සමඟ සෘජුව කටයුතු කරන රැකියා සඳහා බඳවා ගන්නා පුද්ගලයන් ඇතුළු රාජ්‍ය සේවයට එක්වන පුද්ගලයන්ට ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව තහවුරු කරන සහතිකයක් ලබාගැනීම අනිවාර්ය කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව දැනටමත් ඉදිරිපත් කර ඇති බවයි.

ළමයින් සමඟ සෘජුව කටයුතු කිරීමට සහ ඔවුන් වෙත ප්‍රවේශ වීමට අවස්ථාව ලැබෙන තනතුරුවලට පත්කරන පුද්ගලයන් අතර ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පුද්ගලයන් නොසිටින බව තහවුරු කිරීම මෙම වැඩපිළිවෙළේ අරමුණ බව අමාත්‍යවරිය පැවසුවාය.

යෝජිත ක්‍රමවේදය යටතේ අදාළ සහතිකය පොලිසිය හෝ වෙනත් බලයලත් රාජ්‍ය ආයතනයක් විසින් නිකුත් කිරීමට නියමිතය.

මෙහි විශේෂත්වයක් වන්නේ මෙම අවශ්‍යතාව දැනටමත් රාජ්‍ය සේවයේ නිරතව සිටින නිලධාරීන්ටද අදාළ වීමයි.

ඒ අනුව රාජ්‍ය සේවකයන්ට සේවා කාලය තුළ නිවාඩු ලබාගැනීමේදී සහ වැටුප් වර්ධක ලබාගැනීමේදී අදාළ සහතිකය නැවත ලබාගෙන ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත.

එමගින් අදාළ කාලසීමාව තුළ ඔවුන් ළමා අපරාධ සම්බන්ධ ක්‍රියාවලට සම්බන්ධ වී නොමැති බව තහවුරු කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පැවසුවාය.

“රාජ්‍ය සේවයට ඇතුළත් වන අවස්ථාවේදී, විශේෂයෙන්ම ළමයින් සමඟ කටයුතු කිරීමට ප්‍රවේශය ලැබෙන රැකියා සඳහා, එම පුද්ගලයන්ට ළමා අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති බව තහවුරු කිරීම අවශ්‍යයි. මේ අවශ්‍යතාව තහවුරු කිරීම සඳහා අපි කැබිනට් පත්‍රිකාවක් හරහා පියවර ගනිමින් සිටිනවා.

“ඒ වගේම දැනටමත් රාජ්‍ය සේව

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *