Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ශ්‍රී ලංකා – එක්සත් ජනපද සබඳතා වඩාත් ශක්තිමත් වී ඇතැයි තානාපති මහින්ද සමරසිංහ පවසයි

ශ්‍රී ලංකා – එක්සත් ජනපද සබඳතා වඩාත් ශක්තිමත් වී ඇතැයි තානාපති මහින්ද සමරසිංහ පවසයි

තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර රාජ්‍යතාන්ත්‍රික සහයෝගීතාව පෙර නොවූ විරූ ලෙස ශක්තිමත් වී ඇති බවත්, එමඟින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීමට හැකි වූ බවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජූලි 28 වන දින මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ සංචාරයක නිරත වෙමින්, ඇමෙරිකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමිපාණන් වහන්සේගෙන් ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

එහිදී අදහස් දක්වමින් තානාපති සමරසිංහ මහතා සඳහන් කළේ, එක්සත් ජනපදය මේ වන විට ශ්‍රී ලංකාව පිළිබඳ ඉතා යහපත් ආකල්පයක් දරන බවත්, රටේ ආර්ථික සංවර්ධනයට සහාය වන ක්ෂේත්‍ර කිහිපයකින් ආධාර ලබා දී ඇති බවත්ය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර දිගුකාලීන සහයෝගීතාව පවත්වාගෙන යාම සහ තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද ඔහු අවධාරණය කළේය.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමිපාණන් වහන්සේ, තානාපති මහින්ද සමරසිංහ මහතාගේ සේවය අගය කරමින්, එය සාම්ප්‍රදායික රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරයකින් ඔබ්බට ගිය ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ සේවයක් බව පැවසීය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර මීට පෙර නොවූ විරූ ශක්තිමත් සහ සුබවාදී සබඳතා පාලමක් ගොඩනැගී ඇති බවත්, එම සබඳතා වර්ධනය කිරීමේදී තානාපති සමරසිංහ මහතා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවත් නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *