වසර තුනක් ඇතුළත මෙරටට කිරි පිටි ආනයනය කිරීම නතර කිරීමට පියවර

කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන් නතර කර, දේශීය කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා නාවලපිටිය ප්රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පවසා සිටියා.
“අපි මිල්කො සමාගමත් එක්ක එකතු වෙලා කිරි නිෂ්පාදනය වැඩි කරගන්න අවශ්ය කටයුතු සිදු කරනවා. ඒ අනුව තව අවුරුදු 3ක් ඇතුලත කිරි ගොවීන් ශක්තිමත් කරමින් කිරි වලින් ස්වයංපෝෂිත වූ රටක් නිර්මාණය කරමින් කිරි ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට බලාපොරොත්තු වෙනවා”
