Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකළොත් වතු රජයට පවරා ගන්නවා

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි නොකළොත් වතු රජයට පවරා ගන්නවා

වතු පාඩු ලබන බව කියමින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට ක්‍රියා නොකරන හාමුපුතුන්ගේ වතු රජයට පවරා ගන්නා බව කම්කරු ඇමති නිමල් සිරිපාලද සිල්වා මහතා වතු හාම්පුතුන්ට අනතුරු අඟවා තිබේ.

අමාත්‍යවරයා පවසා සිටින්නේ පාඩු ලබනවායැයි කියන වතු, හාම්පුතුන් විසින් දිගින් දිගටම කරගෙන යාම පුදුම සහගත බවත්, අධික ලෙස පාඩු ලබන්නේ නම් එම වතු නැවත රජයට භාර දෙන ලෙස ඔවුන්ට තමා දන්වා ඇති බවත්ය. එමෙන්ම එම වතු ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජයට හැකි බවද ඒ මහතා පෙන්වා දී තිබේ.

වතු නිවාස, මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, වතු රෝහල් රජයට පවරා ගෙන වතුකරයේ සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සිදු කරන්නේද රජය විසින් වන බැවින් වතු සමාගම්වලට විශාල මුදලක් ඉතිරි වන බව අවධාරණය කර ඇති ඇමැතිවරයා වතු සේවක රුපියල් දහසේ වැටුප ගැන සති දෙකකින් අවසන් තීරණයක් ලබා දෙන බවද වතු හාම්පුතුන් හමුවේ පවසා ඇති බවත් වාර්තා වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *