අද අළුයම 5න් අවසන් වූ ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමකදි සැකකරුවන් 402 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අතරින් හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ සැකකරුවන් 143 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සතුව තිබී සොයා ගැණුනු හොරොයින් ප්රමාණය ග්රෑම් 108 යි මිලිග්රෑම් 48 ක්. මෙම වැටලීමේදී ගංජා ග්රෑම් 198 යි මිලිග්රෑම් 430 ක් සමගින් සැකකරුවන් 77 දෙනෙකුද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.
එමෙන්ම බොරැල්ල ප්රදේශයේදී කොකේන් ග්රැම් 36 ක් සමග සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවද නීතිවිරෝධී මැත්පැන් බෝතල් 390 ක් සමග අත්අඩංගුවට ගැණුනු පුද්ගලයින් ගණන 90 ක් වන බවයි පොලීසිය වැඩි දුරටත් වාර්තා කරන්නේ.