Tuesday, November 3, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
“වාහන ගණනාවක් පිච්චුණා කියන්නේ බොරු”: හම්බන්තොට වරායේ අකුණු ගින්නෙන් බරපතළ හානි වුණේ එක වාහනයකට විතරයි – වරාය පාලනාධිකාරියෙන් නිල නිවේදනයක්ගල් අඟුරු යුගය නිමා කරමින් ඉන්දියාවෙන් ලෝකයටම හරිත බලශක්ති පාඩමක්“වෙන ආණ්ඩුවක් තිබුණා නම් පෙට්‍රල් ලීටරේ රුපියල් 700 පනිනවා!”: නියෝජ්‍ය ඇමැති නාමල්පෝට් සිටියෙන් පොරොන්දු වුණේ සයිබර් ජාවාරම්කරුවන්ගේ කේන්ද්‍රයක් වෙන්න නෙවෙයි”: විදේශිකයන්ගේ වීසා සහ සමාගම් දැඩිව පරීක්ෂා කරන්නැයි හිටපු කථානායකගෙන් අනතුරු ඇඟවීමක්TIN අංකය අනිවාර්ය වීමත් සමඟ දේශීය ආදායම් කාර්යාල ඉදිරිපිට දිගු පෝලිම්: වෙබ් අඩවියත් ක්‍රියාවිරහිත වෙයිශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම උදෙසා සිංගප්පූරු මාධ්‍ය නියෝජිතයින් පිරිසක් මෙරට අධ්‍යයන සංචාරයක නිරත වෙයිඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගනීඅභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවසන් ගෞරව දක්වයිවන අලි සහ දළ ඇතුන් ඝාතනය කරන පිරිස්වලට දැඩි දඬුවම් පමුණුවන්න – විපක්ෂ නායකනව සූර්ය බලශක්ති අයදුම්පත් භාරගැනීම අත්හිටුවීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයෙන් රජයේ බලශක්ති ප්‍රතිපත්තිය ප්‍රශ්න කෙරේ
ප්‍රවෘත්ති

රුවන්පුර අධිවේගී මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක්, ප්‍රබෝධයක් ඇතිවන සංවර්ධන කටයුත්තක් බව සෞඛ්‍ය ඇමති පවසයි

රුවන්පුර අධිවේගී මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක්, ප්‍රබෝධයක් ඇතිවන සංවර්ධන කටයුත්තක් බව සෞඛ්‍ය ඇමති පවසයි

රුවන්පුර ජනතා පැතුම් ඉටුකරමින් ශ්‍රී ලංකාවේ ඉදිකෙරෙන හත්වෙනි අධිවේගී මාර්ගය වන රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ වැඩකටයුතු ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් ආරම්භ වූ අතර ඒ පිළිබද අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් දක්වන ලදි.

රුවන්පුර අධිවේගී මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීම පිළිබද අදහස් දැක් වූ සෞඛ්‍ය

අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – “අද දින වැඩකටයුතු ආරම්භ කළ රුවන්පුර අදිවේගි මාර්ගය රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවට ඓතිහාසිකව ඉතා වැදගත් කටයුත්තක්. මෙම අදිවේගී මාර්ගය ඉදිවීමත් සමග රත්නපුර සිට ගාල්ල, මාතර, කටුනායක ගුවන්තොටපල වෙත යාමට ඉතා කෙටි කාලයක් පමණයි වැය වෙන්නේ. කෘෂි ආර්ථිකයක් පවතින රත්නපුර දිස්තික්කයේ ජනතාවට ආර්ථික ප්‍රබෝධයක් ඇති කර ගැනීමට විශාල රුකුළක් වෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගය කියන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ සමාජ, ආර්ථික පෙරළියක් සිද්ධවෙන, විශාල ආර්ථික ප්‍රබෝධයක් ඇතිවන කටයුත්තක්. මේ සදහා කැප වූ ජනාධිපතිතුමා, අගමැතිතුමා ඇතුලු සියළු දෙනාට මේ අවස්ථාවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන ස්තූතිය පුද කරනවා.”

 

 

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *