Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් තීරණය කරයි.

මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් තීරණය කරයි.

2023 අප්‍රේල් 29 වැනිදා සිට ශ්‍රී ලංකාවේ යාපනයේ කන්කසන්තුරේ සිට ඉන්දියාවේ කරෙයිකාල් දක්වා මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් තීරණය කර ඇති බව වාර්තා වේ.

වාර්තා වන අන්දමට මේ සම්බන්ධයෙන් ඉරිදා (26) දින වරාය සහ නාවික අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය අතර සාකච්ඡා පවත්වා ඇත.

මේ සඳහා කන්කසන්තුරේ සහ කරෙයිකාල් යන ප්‍රදේශවල ආගමන විගමන කාර්යාල දෙකක් බැගින් ස්ථාපිත කිරීමට ද තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් මූලික කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

බෝට්ටු සේවාව සඳහා ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් විසින් මුලින් බෝට්ටු ලබා නොදෙන බවත් ඒ වෙනුවට ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් කැඳවන ලද ටෙන්ඩරය යටතේ බෝට්ටු ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අනාවරණය කළේය.

නව මගී තොටුපළ වැඩසටහන යටතේ එක් මගී යාත්‍රාවක මුළු මගීන් 150 දෙනෙකුගේ ධාරිතාව කිලෝග්‍රෑම් 100ක් වන අතර එක් පැත්තක ගමන් කිරීමේ පිරිවැය ඇමෙරිකානු ඩොලර් 50කි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *