Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේමැදපෙරදිග යුද්ධයේ බලපෑම ලංකාවේ පාරවල්වලටත් වදියි: උග්‍ර තාර හිඟයෙන් රට පුරා මාර්ග ව්‍යාපෘති රැසක් අතරමග!වන අලියෙකු ඉලක්ක කර බඳින තුවක්කුවක් ඇටවූ පුද්ගලයෙකුට කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 310,000ක දඩයක්පරිගණක දත්ත පද්ධතිය වෙනස් කර පෞද්ගලික ආයතනයකින් කෝටි 6ක් වංචා කළ 30 හැවිරිදි සේවකයා CID දැලේයුරෝපීය ශීත ඍතුව ඉලක්ක කරගෙන ජාත්‍යන්තර ගුවන් සමාගම් තුනක් යළි ලංකාවටවාහන ලියාපදිංචියට සහ පැවරීම්වලට Online Appointment සේවාව හෙට (02) සිට යළි ඇරඹෙයිහැරී පොටර් ලෙස සැරසී තායිලන්ත රජ පවුල ප්‍රශ්න කළ මානව හිමිකම් නීතිඥයාට වසර 34ක සිරදඬුවමක්
ප්‍රවෘත්ති

බස්නාහිර පළාතේ විදුලි බස් නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

බස්නාහිර පළාතේ විදුලි බස් නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) ධාවනය වන විදුලි බස් රථ 50ක් බස්නාහිර පළාත ආවරණය වන පරිදි එක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අඟහරුවාදා (28) පැවසීය.

ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රවාහන අමාත්‍යවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ධාවනය කරනු ලබන විදුලි බස් රථ 50ක් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධතියට එක් කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලැබී ඇති බවයි.

“ජාත්‍යන්තර බලශක්ති අර්බුදය හමුවේ පොසිල ඉන්ධන සඳහා වන පිරිවැය අවම කර ගත හැකි සූර්ය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීමට බස් ව්‍යාපෘතිය හඳුන්වා දී තිබෙනවා. ශ්‍රී ලංකාව වැනි රටකට ෆොසිල ඉන්ධන ආනයනය කිරීමට යන වියදම දරා ගැනීම ඉතා අපහසුයි,” ඔහු පෙන්වා දුන්නේය.

ඊට හොඳම විසඳුම විදුලි වාහන හඳුන්වාදීම බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

විදුලි බස් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ගමනාගමන මණ්ඩලය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස ප්‍රවාහන අමාත්‍යවරයා දේශීය විදුලි වාහන නිෂ්පාදකයින්ට සහ නව නිපැයුම්කරුවන්ට ආරාධනාවක් ද කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *