පාර්ලිමේන්තුවට එන්න – ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු බැසිල්ගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුවට ප්රවේශ වන්නැයි ඉල්ලා සිටිමින්, ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් 19 දෙනෙකු විසින් ලිපියක් යවා තිබේ.
එම ලිපියෙන් දන්වා යවා ඇත්තේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හා ශී්ර ලංකා පොදුජන පෙරමුණේ ක්රියාකාරීත්වය රටට ලබාදීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම අත්යවශ්ය බවට තමන් විශ්වාස කරන බවයි. එම කරුණු සැලකිල්ලට ගෙන කඩිනමින් පාර්ලිමේන්තුවට ප්රවේශ වන ලෙස තමන් ඉල්ලා සිටින බවද අදාළ මන්ත්රීවරුන් පිරිස යැවූ ලිපියේ වැඩිදුරටත් දන්වා ඇති බවට වාර්තා වේ.
