කොවිඩ් ආසාධිත මුස්ලිම් ජාතිකයින්ගේ මෘතදේහ භූමදානය පිළිඹදව විමල් හා චමල් මත දෙකක

කොවිඩ් ආසාදනය වී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මෙරට යම් විශේෂ භූමි ප්‍රදේශයක භූමදානය කිරීමට කැබිනට් අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ අනුව එලෙස මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ අවසන් කටයුතු කිරීමට යම් ප්‍රදේශයක් නියම කර ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයක් බවත් ඒ මහතා පවසා සිටියා. අමාත්‍ය වරයා මේ බව පවසා සිටියේ හම්බන්තොට පැවති උත්සවයක් අවසානයේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි.

කෙසේ වෙතත් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටින්නේ කැබිනට් මණ්ඩලය කොවිඩ් වසංගතයෙන් මියයන කවරෙකු හෝ වළ දැමීම හෝ ආදාහනය කිරීම පිළිබඳව තීන්දු තීරණ ගන්නා තැනක් නොවන බවත්, ඒ පිළිබඳ තීන්දුවක් ගන්නේ නම් එය විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් විසින් සිදු කළ යුතු කටයුත්තක් බවත්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *