Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

පාඨලී ඇතුළු පිරිස ජාතික හෙළ උරුමය හැර යයි

පාඨලී ඇතුළු පිරිස ජාතික හෙළ උරුමය හැර යයි

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (12) ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වී තිබේ. ඔහු ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙසද කටයුතු කරනු ලැබීය.

අද ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ඇතුළු ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්ද ජාතික හෙළ උරුමයෙන් අද ඉවත්වී තිබේ.

ඒ අනුව පාඨලී චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, නිරෝෂා අතුකෝරල, තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ සහ පලාත් පාලන මන්ත්‍රීවරු සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇත.

ඒ අනුව පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ද, පක්ෂයේ නව මහ ලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර මහතාද, උප සභාපති වශයෙන් දයා පෙරේරා මහතාද, නියෝජ්‍ය ලේකම් වශයෙන් නීතිඥ ටියුඩර් පෙරේරා මහතාද, භාණ්ඩාගාරික වශයෙන් අනිල් ජයවර්ධන මහතාද, ජාතික සංවිධායක වශයෙන් මහේන්ද්‍ර ජයසිංහ මහතාද ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාව තෝරා පත්කර ගෙන තිබේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *