Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

සෞඛ්‍ය අංශ වලට සහය නොදෙන, අටළුගම කොවිඩ් ආසාධිතයින්ගේ ප්‍රතිශතය ඉහළට

සෞඛ්‍ය අංශ වලට සහය නොදෙන, අටළුගම කොවිඩ් ආසාධිතයින්ගේ ප්‍රතිශතය ඉහළට

අටලුගම ප්‍රදේශයේ ජීවත් වන 20,000 කට ආසන්න පිරිසකගෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා මේ වනවිට සහභාගිවී ඇත්තේ පුද්ගලයන් 1,541 (8ර්‍% ) දෙනෙකු බවත් ඉන් 547 (35%) දෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවටත් මේ වනවිට තහවුරු වී තිබේ.

බණ්ඩාරගම මැදගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.යූ. මධුෂාන් මහතා පවසන්නේ එම සංඛ්‍යා ලේඛණ අනුව බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ජීවත් වන 20,000 න් තුනෙන් දෙකකට පමණ මේ වන විට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ එම ප්‍රදේශයේ තවත් පුද්ගලයන් 18,459 දෙනකුට පමණ පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීමට ඇති බවත් ඔවුන් ඒ සඳහා සහභාගි කරවා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවන බවත්ය.

මේ අතර ඉකුත් 10 වැනිදා අටලුගම ප්‍රදේශයේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සඳහා හාරසිය දෙනකු කැඳවා තිබුණද ඒ සඳහා පැමිණ ඇත්තේ 50 දෙනකු පමණයි.

කොවිඩ් ආසාදිත පුද්ගලයකු රැගෙන ඒමට පසුගිය 02 වැනිදා එහි ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට එම ආසාදිත පුද්ගලයා විසින් කෙළ ගැසීමේ සිද්ධියක්ද මෙම ප්‍රදේශයෙන් වාර්තා විය.

මෙවැනි වාතාවරණයක් හමුවේ ඉදිරියේදී මෙම ප්‍රදේශය දැඩි අවදානම් කලාපයක් විය හැකි බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක වැඩිදුරටත් පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *