Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නව ව්‍යවස්ථාව කල්ලි කණ්ඩායම්වලට උවමනා විදියට හදන ව්‍යවස්ථාවක් නොවිය යුතුයි – විදුර

නව ව්‍යවස්ථාව කල්ලි කණ්ඩායම්වලට උවමනා විදියට හදන ව්‍යවස්ථාවක් නොවිය යුතුයි – විදුර

අලුත් ව්‍යවස්ථාව කල්ලි කණ්ඩායම්වලට අවශ්‍ය ආකරයට දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් නොවිය යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

හොරණ මදුරාවල ප්‍රදේශයේ ඊයේ(27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවසීය.

“අපේ රටේ තිබෙන්නා වූ ව්‍යවස්ථාව හැල්ලූවෙච්ච, බාල්දු වෙච්ච, දියාරු වෙච්ච ව්‍යවස්ථාවක්. දැන්වත් අපි සියලුදෙනාම එකට එකතුවෙලා අලුත් ව්‍යවස්ථාවක් මේ රටට ගේන්න ඕනේ.

හැබැයි මේ අලුත් ව්‍යවස්ථාව හදනකොට යම් යම් කල්ලි කණ්ඩායම්වලට අවශ්‍ය ආකරයට දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් නොවිය යුතුයි.

ජාතීන් වෙන්නට පුළුවන්, ආගම් වෙන්නට පුළුවන්, අපි පිළිගන්නට වෙනවා අපේ රටේ කාලයක් තිස්සේම මුල්බැසගත්ත දේවල් සිංහලකම වේවා, බෞද්ධකම වේවා, ඒවාට ගෞරවයක් දෙමින් ඒවාගේම අනෙකුත් ජාතීන් සහ ආගම් පාගන්නේ නැති හෙළාදකිනේ නැති, කොන් කරන්නේ නැති, වැඩපිළිවලකට අපි යන්නට ඕනේ.

එකතුවක් තුළ පමණයි අලුත් රටක් ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. මේ ව්‍යවස්ථාව වෙනත් රටක ව්‍යවස්ථාවක අනුපිටපතක් නොවිය යුතුයි, විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියත් වෙනත් රටක ව්‍යවස්ථාවක පිටපතක් නොවන ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කළ යුතුයි“

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *