අලුත් ව්‍යවස්ථාව කල්ලි කණ්ඩායම්වලට අවශ්‍ය ආකරයට දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් නොවිය යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.
හොරණ මදුරාවල ප්‍රදේශයේ ඊයේ(27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මෙසේ පැවසීය.
“අපේ රටේ තිබෙන්නා වූ ව්‍යවස්ථාව හැල්ලූවෙච්ච, බාල්දු වෙච්ච, දියාරු වෙච්ච ව්‍යවස්ථාවක්. දැන්වත් අපි සියලුදෙනාම එකට එකතුවෙලා අලුත් ව්‍යවස්ථාවක් මේ රටට ගේන්න ඕනේ.
හැබැයි මේ අලුත් ව්‍යවස්ථාව හදනකොට යම් යම් කල්ලි කණ්ඩායම්වලට අවශ්‍ය ආකරයට දොලපිදේනි දෙන ව්‍යවස්ථාවක් නොවිය යුතුයි.
ජාතීන් වෙන්නට පුළුවන්, ආගම් වෙන්නට පුළුවන්, අපි පිළිගන්නට වෙනවා අපේ රටේ කාලයක් තිස්සේම මුල්බැසගත්ත දේවල් සිංහලකම වේවා, බෞද්ධකම වේවා, ඒවාට ගෞරවයක් දෙමින් ඒවාගේම අනෙකුත් ජාතීන් සහ ආගම් පාගන්නේ නැති හෙළාදකිනේ නැති, කොන් කරන්නේ නැති, වැඩපිළිවලකට අපි යන්නට ඕනේ.
එකතුවක් තුළ පමණයි අලුත් රටක් ගොඩනගන්නට පුළුවන් වෙන්නේ. මේ ව්‍යවස්ථාව වෙනත් රටක ව්‍යවස්ථාවක අනුපිටපතක් නොවිය යුතුයි, විදේශ රටවලින් කුමන බලපෑම් පැමිණියත් වෙනත් රටක ව්‍යවස්ථාවක පිටපතක් නොවන ව්‍යවස්ථාවක් අපි නිර්මාණය කළ යුතුයි“