කටුනායක ගුවන් තොටුපළේ පර්යන්ත තුළට ගුවන් මගීන් හැර බාහිර පුද්ගලයින් ඇතුළුවීම අත්හිටුවයි

කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර පුද්ගලයින් ඇතුළු කර ගැනිම තාවකාලිකව අත්හිටුවා තිබේ.
අද (28) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබේ.
