පවතින කොරෝනා තුන්වල රැල්ල හමුවේ දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ දෙවන අවස්ථාව මෙය වේ.
මීට පෙර ඉකුත් සති අන්තයේ එනම් 14, 15 සහ 16 යන දිනවල දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පනවනු ලැබීය.
කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාන්විත මධ්යස්ථානයේ ප්රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා පැවසුවේ මේවනවිට ක්රියාත්මක සංචරණ සීමා වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අත්යවශ්ය බවයි.

