Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

සංචරණ සීමා පනවා ඇති කාලයේ දින 04 ක් පමණක් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් තොග වෙළඳාමට පමණක් විවෘතව තැබීමට පියවර

සංචරණ සීමා පනවා ඇති කාලයේ දින 04 ක් පමණක් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් තොග වෙළඳාමට පමණක් විවෘතව තැබීමට පියවර
සංචරණ සීමා පනවා ඇති කාලයේ දින 04 ක් පමණක් දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන 07 ක් තොග වෙළඳාමට පමණක් විවෘතව තැබේ.
ඒ අනුව ඊයේ රාත්‍රී 11 සිට ලබන 24 වනදා දක්වා දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන වසා තැබෙනු ඇත.
ලබන 25 වනදා රාත්‍රී 11 සිට 27 වනදා දක්වා ද ආර්ථික මධ්‍යස්ථාන වසා තැබීමට නියමිතය.
ලබන 28 වනදා අලුයම 4 න් පසු ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අවසර ලබාදී තිබේ.
පොලීසිය පැවසුවේ ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන යන සහ එන ලොරි රථ සඳහා එය අත්‍යවශ්‍ය සේවාවක් සේ සලකා අවසර ලබාදීමට තීරණය කර ඇති බවයි.
ලබන 25 වනදාට ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි රථ සඳහා 24 වනදා ගමන් කිරීමට අවසර හිමි වේ.
25 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණ භාණ්ඩ බෑමෙන් පසු 26 වන දින භාණ්ඩ රහිත හෝ වෙනත් භාණ්ඩ නැවත පටවා ගත් ලොරි රථ ආපසු ගමන් කිරීමට ද අවසර ලබාදී ඇත.
ලබන 28 වන දින ආර්ථික මධ්‍යස්ථාන වෙත භාණ්ඩ රැගෙන එන ලොරි සඳහා ලබන 27 වනදා ගමන් කිරීමට අවසර ලබාදෙනු ඇත.

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු පැවසුවේ ඉකුත් සති අන්තයේ සංචරණ සීමා පැනවූ අවස්ථාවේ ගොවීන් මුහුණ පෑ අසීරුතා වැළැක්වීම අරමුණු කර ගනිමින් කල් ඇතිව මෙම තීරණ දැනුම් දී ඇති බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *