දිවයිනම ආවරණය වන පරිදි මේවනවිට සංචරණ සීමා පනවා ඇත

දිවයිනම ආවරණය වන පරිදි මේවනවිට සංචරණ සීමා පනවා ඇත.
සංචරණ සීමා පැනවීම ආරම්භ වූයේ ඊයේ රාත්‍රී 11 සිටය.
මෙවර සංචරණ සීමා අදියර 02 ක් යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව පළමු අදියර ඊයේ රාත්‍රී 11 සිට 25 වනදා එනම් අගහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකය.
දෙවන අදියර එදිනම රාත්‍රී 11 සිට 28 වනදා අළුයම 4 දක්වා ක්‍රියාත්මක වේ.

පවතින කොරෝනා තුන්වල රැල්ල හමුවේ දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පැනවූ දෙවන අවස්ථාව මෙය වේ.

මීට පෙර ඉකුත් සති අන්තයේ එනම් 14, 15 සහ 16 යන දිනවල දිවයිනම ආවරණය වන පරිදි සංචරණ සීමා පනවනු ලැබීය.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ මේවනවිට ක්‍රියාත්මක සංචරණ සීමා වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලුදෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.

Leave a Reply

Your email address will not be published.