Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

දිල්රුක්ෂි කටහඩ පිළිගනී – ඉල්ලීමකුත් කරයි

දිල්රුක්ෂි කටහඩ පිළිගනී – ඉල්ලීමකුත් කරයි

සිංගප්පූරුවේ රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති සමග තමා දුරකථන සංවාදයක යෙදුණු බවත්, මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය වන හඬපටයේ කටහඬ තමාගේ බවත් සොලිසිටර් ජනරාල් දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ නීතිපතිවරයා ඉදිරියේ පිළිගෙන ඇතැයි වාර්තා වේ.

රජයේ සේවකයකුව සිටියදී නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ තනතුරක් වන සොලිසිටර් ජනරාල් ධුරය දරමින් සිටියදී මෙලෙස විත්තිකරුවකු සමඟ දුරකථනයෙන් සාකච්ඡා කිරීම වෘත්තීය ආචාරධර්ම දැඩිව උල්ලංඝනය කිරීමක් මෙන්ම ඉතාම අයුතු සහගත සුළුකොට තැකිය නොහැකි බරපතළ වරදක් බැවින් ඇයට එරෙහිව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා විසින් අද (23) රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලිඛිතව දැනුම් දීමට නියමිතය.

දිල්රුක්‍ෂි ඩයස් වික‍්‍රමසිංහ මේ වන තෙක්ම නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරිවලින් ඉල්ලා අස්වන බවට දැනුම්දීමක් සිදුකර නොමැති නිසා ආයතන සංග‍්‍රහය අනුව එම බරපතළ චෝදනාව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරනා තෙක් ඇයගේ සේවය අත්හිටුවා විමර්ශනය සඳහා සුදුසු නිලධාරියකු ද පත් කරන ලෙස නීතිපතිවරයා එමගින් රාජ්‍ය සේවා කොමිසන් සභාවට දැනුම් දීමට නියමිතය.

තමා විසින් මේජර් නිශ්ශංක සේනාධිපති හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු සැකකරුවන්ට එරෙහිව මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබුවේ යම්කිසි දේශපාලන අවශ්‍යතාවක් මත බව ඇය නිශ්ශංක සේනාධිපති මහතා සමග සිදුකළ දුරකථන සංවාදය මගින් අනාවරණය කර තිබීම මත ඇය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසන් සභාවේ අධ්‍යක්‍ෂවරිය ලෙස කටයුතු කළ සමයේ කරනු ලැබූ සෙසු නඩුවලට ද විශාල අගතියක් සිදුවිය හැකි බව ද අල්ලස් කොමිසම් සභා ආරංචි මාර්ග කියයි.
මේ අතර ඇය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වමින් සටහන් කර ඇත්තේ දුරකතන සංවාදයේ සම්පූර්ණ විස්තරයම එළිකරන ලෙසත් එයට සම්බන්ධ රජයේ ඇමැතිවරයාගේ නම හෙළිකරන ලෙසත් ය.

(Image – Colombo gazette)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *