Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය නිදහස්

ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය නිදහස්

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා ඇති නඩුවේ චෝදනාවලින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද නියෝග කළා ය.
ඒ, අභියාචනාධිකරණය විසින් පසුගිය 12 වනදා නිකුත් කරන ලද තීන්දුව අනුව ය.

එම සැකකරුවන් 8 දෙනා චෝදනාවලින් නිදහස් කරන බව කියා සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නේ, අභියාචනාධිකරණයේ තීන්දුව අනුව මෙම සැකකරුවන් 8 දෙනාට එරෙහිව නැවත නඩුවක් පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කිසිදු බාධාවක් නොමැති බව ය.

අද දින ගෝඨාභය රාජපක්ෂ, සෝමතිලක දිසානායක, ජයරත්න පෙරේරා, සිසිර කුමාර කොළඹගේ යන සැකකරුවන් 4 දෙනා පමණක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය හ.

අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවන් 4 දෙනාට එම තීන්දුව සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වගකීම ඔවුන්ගේ නීතිඥවරු භාර ගත්හ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය දැනුම් දෙනු ලැබුවේ, කෙසේ වෙතත් එම නඩුවේ 8 වන සැකකාරිය ලෙස නම් කර ඇති අධිකරණය අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් සුජාතා දමයන්ති ජයරත්න නමැත්තිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා ඇයව අත්අඩංගුවට ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කර තිබූ අතර එම වරෙන්තුව ඇය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඉවත් කිරීමට පියවර ගන්නා බව ය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවේ ඇවන්ට්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලසීමෙන් රජයට රුපියල් කෝටි 1140ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් ය.

(උපුටා ගැනීම – News first)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *