Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

මුලතිව් අන්තවාදීහු නාහිමියන්ගේ දේහයටත් අගෞරව කරති

මුලතිව් අන්තවාදීහු නාහිමියන්ගේ දේහයටත් අගෞරව කරති

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් අපවත්වීමෙන් අනතුරුව දේහය ආදාහනය කිරීම මුලතිව් අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් ආදාහනය නොකළ යුතු බවට මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (22) නියෝගයක් ලැබී ඇති බව මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න පවසයි.

ඔහු පැවසුවේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව අද උදෑසන අදාළ අධිකරණ නියෝගය ලැබුණු බවයි.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එලෙස නියෝගයක් ලබාදී ඇති බව දායක සභාවේ ලේකම්වරයා පැවසීය.

අදාළ නියෝගය මගින් දැනට විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිලධාරීන්ට හෙට (23) උදැසන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝගයක් ලැබී ඇති බවට වාර්තා වේ.

අදාළ අධිකරණ නියෝගයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ විහාර පරිශ්‍රය , කෝවිල් පරිශ්‍රය තුළ ආගමික වතාවත්වලට අගෞරව වන ආකාරයෙන් කිසිඳු සිදුවීමක් නොකළ යුතු බව වන අතර, ප්‍රදේශයේ සාමය ආරක්ෂා කිරීමට පොලිසිය උපරිමයෙන් කටයුතු කළ යුතු බවයි.

මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ නිරාවිය පිල්යාර් කෝවිල නමැති කෝවිලක් ඇති කිරීමට පසුගිය සමයේ දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත පිරිසක් කටයුතු කළ අතර, ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය පැවති ස්ථානය දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කොට තිබු අතර, අදාළ නඩු විභාගය අනතුරුව වවුනියාව මහාධිකරණය දක්වා මාරුකරනු ලැබීය.

වර්තමානයේදී විහාර භූමියේ පවතින කෝවිල සම්බන්ධයෙන් වවුනියාව මහාධිකරණයේ නඩුවක් ‍ගොනු ක්‍ර ඇත.

විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනඒමට පවා ගැටළුවක් ඇති වු අතර, ගැටළුව හේතුවෙන් විහාරස්ථානයේ දායක සභාව හා තමන් වහන්සේද මහත් අසරණ වී ඇති බව විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියෝ පවසති.

නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් විහාරාධිපති නාහිමියන්ට පසුගිය සමයේ විවිධ බලපෑම් එල්ල කළ බවද නයාරු ප්‍රදේශවාසීහු පවසති.

නාහිමියන්ගේ ආදාහන උත්සවය හෙට (23) නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ පැවැත්වීමට දායක සභාව කලින් සැළසුම් කොට තිබූ අතර විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනඒමෙන් අනතුරුව විහාරස්ථානය අවට ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව තරකොට ඇත. මෙම සිදුවීම් පිටුපස දෙමළ ජාතික සන්ධානය සහ විග්නේස්වරන් වැනි අන්තවාදීන් සිටින බවත් බුදු දහම වෙනුවෙන් රටේ නායකයින්ට පෙනී සිටින්නැයි ඉල්ලන බවත් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, මැදගොඩ අභයතිස්ස යන හිමිවරුන් ඇතුළු බොහෝ පිරිසක් කියා සිටියහ.

(Image – vfm)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *