Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ජපානයේ කුමමොටෝ ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපක 6.8ක භූමිකම්පාවෙන් හානි රැසක්

ජපානයේ කුමමොටෝ ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපක 6.8ක භූමිකම්පාවෙන් හානි රැසක්

ජපානයේ දකුණු කුමමොටෝ ප්‍රාන්තයට බලපෑ රික්ටර් මාපක 6.8ක ප්‍රබල භූමිකම්පාවක් හේතුවෙන් පුද්ගලයන් රැසක් සිරවී ඇති බව ජපාන ජාතික විකාශක NHK වාර්තා කරයි.

භූමිකම්පාවෙන් පසු සාප්පු සංකීර්ණයක කොටසක් කඩා වැටී ඇති අතර, එහි සිරවී සිටින පුද්ගලයන් බේරා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම කඩදාසි කර්මාන්ත ශාලාවක කිහිප දෙනෙකු පිළිබඳ තොරතුරු නොමැති බවත්, අධිවේගී මාර්ගයක පාලමකට හානි සිදුවී ඇති බවත්, තවත් ගොඩනැගිල්ලක් කඩා වැටී ඇති බවත් NHK සඳහන් කර තිබේ.

එක් රෝහලකින් පුද්ගලයන් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවට වාර්තා කර ඇති අතර, භූමිකම්පාව සිදුවන අවස්ථාවේ අධිවේගී දුම්රියක සිටි කිහිප දෙනෙකුටද තුවාල සිදුව ඇති බව ජපානයේ Nikkei පුවත්පත වාර්තා කරයි.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සියේ (JMA) නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, වැඩිම කම්පන දැනුණු ප්‍රදේශවල ජනතාව ඉදිරි සතියක පමණ කාලයක් තුළ තවත් ප්‍රබල භූමිකම්පා ඇතිවීමේ අවදානම සහ නායයෑම් අවදානම පිළිබඳ අවධානයෙන් පසුවිය යුතු බවයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *