Saturday, October 31, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

නිවාස හා ඉඩම් ලබාදෙන බව පවසමින් වංචා කළ බවට සමාගම් අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

නිවාස හා ඉඩම් ලබාදෙන බව පවසමින් වංචා කළ බවට සමාගම් අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

පහසු ගෙවීම් ක්‍රමයක් යටතේ නිවාස සහ ඉඩම් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මහජනතාවගෙන් මුදල් වංචා කළ බවට සැකපිට පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයෙකු මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු සමාජ මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළ කරමින්, වාරික ගෙවීම් ක්‍රමයක් යටතේ නිවාස සහ ඉඩම් ලබාදෙන බවට පොරොන්දු වී මෙම වැඩපිළිවෙළ ප්‍රචාරය කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එම දැන්වීම්වලට ප්‍රතිචාර දැක්වූ පාරිභෝගිකයන්ගෙන් ගිවිසුම් අත්සන් කරවාගෙන, නිවස සහ ඉඩමේ සම්පූර්ණ වටිනාකමින් සියයට 60කට සමාන අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

කෙසේ වෙතත්, පොරොන්දු වූ පරිදි නිවාස ඉදිකිරීමට සැකකරු කටයුතු කර නොමැති බවත්, මුදල් ආපසු ලබාදීම සඳහා පාරිභෝගිකයන් වෙත නිකුත් කළ චෙක්පත් ද ගෙවීම් සඳහා ප්‍රතික්ෂේප වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ වන විට මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි පහක් ලැබී ඇති අතර, තවත් පීඩාවට පත් පුද්ගලයන් ඉදිරියට පැමිණෙනු ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු අද (28) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *