Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ලොව වටා

ජන වරමට බ්‍රිතාන්‍යයේ විරෝධතා

ජන වරමට බ්‍රිතාන්‍යයේ විරෝධතා

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් බහුතර ආසන 80ක් දිනා ගැනීමට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට හැකිවූ අතර ඔහු ඉදිරියටත් එම ධුරයේ කටයුතු කරනු ඇත.

කෙසේ වෙතත් මැතිවරණ ප්‍රතිඵලයට ඇතැමුන් විරෝධය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයට විරෝධය පළකරමින් ජනතාව වීථි බැස ඇත. මැතිවරණ ප්‍රතිඵලයට විරෝධය පළකරමින් මධ්‍යම ලන්ඩනයේ පැවති විරෝධතා පාගමනකට ජනතාව එක්ව සිටියහ.

විරෝධතාකරුවන් පොලිස් බාධක නොතකා ඉදිරියට යාමට උත්සහ කර තිබුණි. එහිදී ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන ඇත.

අගමැති බොරිස් ජොන්සන් ගේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රතිපත්ති දැඩිව විවේචනය කළ විරෝධතාකරුවන් මෙහිදී කියා සිටියේ සංක්‍රමණිකයන් සාදරයෙන් පිළිගන්නා බවයි. ඩවුනින් ස්ට්‍රීට් හි පිහිටි අගමැතිවරයාගේ නිල නිවස අසළ ප්‍රදේශයෙන් ද විරෝධතාකරුවන් ගමන් කළ අතර විරෝධතාව හේතුවෙන් ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ බවද සඳහන් වේ.

විරෝධතා හමුවේ දැඩි ආරක්ෂක රැකවල් යෙදීමට පොලිසිය පියවර ගෙඅන ඇත.

මෙවර බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැති බොරිස් ජොන්සන්ගේ කන්සර්වේටිව් පක්ෂයට විශිෂ්ට ජයක් හිමි විය. අගමැතිවරයා පවසන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාත්මක කර ලබන මාසයේ එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් ඉවත් කර ගැනීමට තමන්ට මැතිවරණ ප්‍රතිඵලය මගින් වරමක් ලබා දී ඇති බවයි.

අදහස් (3)

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *