Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

අපේක්ෂා රෝහල නමින් සිදුකළ මූල්‍ය වංචාවක් හෙළිවෙයි

අපේක්ෂා රෝහල නමින් සිදුකළ මූල්‍ය වංචාවක් හෙළිවෙයි

මහරගම අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍ර ලබා දීම සඳහා බව පවසමින් මොහොමඩ් නැමැත්තෙකු “ෆයිට් කැන්සර් ටීම්” නමින් රුපියල් කෝටි 100ක අරමුදල් එක්රැස් කළද එම මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට බැර නොවන බව එම රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පවසයි.

ඒ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ එම තැනැත්තා සිදුකරගෙන යන මෙම මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් තමා පොලීසියට පැමිණිලි කොට එම විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බවයි.

“මහරගම අපේක්ෂා රෝහලට විකිරණ යන්ත්‍රයක් ගන්න කියලා මොහොමඩ් නැමැති පුද්ගලයෙක් රුපියල් කෝටි 100ක් එකතු කරනවා. නමුත් ඒ මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට මුදල් ලැබී නැහැ. වෙන ගිණුමකට මුදල් බැර වෙන්නේ.

ජනතාව මගෙන් තමන් බැර කළ මුදල් ගැන අහනවා. ඒ මුදල් අපේක්ෂා රෝහලේ ගිණුමට බැර වෙන්නේ නැති බව මම සහතික කරලා කියනවා.

මේ ගැන මම පොලීසිය දැනුවත් කළා. හිටපු ජනාධිපතිටත් මේ ගැන කිව්වා. නමුත් කිසිම පියවරක් ගත්තේ නෑ.

සහරාන් ප්‍රහාරය එල්ල කළ දිනට පසු දින මොහොමඩ්ට රු. මිලියන 20ක් බැරවෙලා. අප්‍රේල් 22 ජනතාව බැංකු ගියාද ? අප්‍රේල් 23 රු. මිලියන 2 ක් ලැබිලා..මේවා ත්‍රස්තවාදීන්ගේ කළු සල්ලිද ?

මගෙන් විගණනයෙන් විමසුමක් කළා. ඒ නිසා මට කට වහගෙන ඉන්න බැහැ.

ඔහු රාජිත හා හිටපු ඇමති කාසීම් සමඟ මාව රෝහලෙන් යවන්න කටයුතු කළා. මට තර්ජනය කිරීම ගැනත් පැමිණිලි කළා. මාව මෙහෙන් එළවන්න බැරි වුණේ මගේ පත්වීම ස්ථිර පත්වීමක් නිසා. මොහොමඩ් රු. මිලියන 140ක් එකතු කරලා වෙනත් තැනකට පරිත්‍යාග කරන්න හදනවා නමුත් මුදල් එකතු කළේ අපේක්ෂා රෝහලට කියලා.

අපරාධ අංශයකට පැමිණිලි කළාම CIDයට දැනුම් දුන්නා කියලා ලියලා තියෙනවා. එච්චරයි. CID නිලධාරියා ස්විට්සර්ලන්තයට ගිහින් ඇති. CIDය ස්වාධීන නම් සාධාරණයක් ඉටුවේවි.” යනුවෙන් වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසීය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *