කැලණිවැලි මාර්ගයේ දුම්රියක් කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පනී.

කැලණිවැලි මාර්ගයේ අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් කොස්ගම දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පෙරවරුවේ පීලි පැනීමට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
අනතුරින් දුම්රිය එන්ජින් පාලක මැදිරියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුවී ඇත.
තුවාල කිසිවක් වාර්තා වී නොමැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් මේ වන විට දුම්රිය නැවත පීලිගත කිරීම සඳහා අලුත්වැඩියා කටයුතු සඳහා පැමිණෙමින් සිටී.
