තුරඟ තරඟ පිටියේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙක් අත්අඩංගුවට.

කොළඹදී සරසවි සිසුවියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ 24 හැවිරිදි සිසුවියකගේ මළ සිරුරක් කොළඹ තුරඟ තරග පිටියේ තිබී අද පස්වරුවේ සොයා ගැනුණා.

ඝාතනයට ලක්වූ කාන්තාව කැපුම් තුවාල සහිතව මියගොස් සිටියදී සොයා ගෙන ඇති අතර, ඇයගේ පෙම්වතාගේ ප්‍රහාරයට ලක්ව ඇති බවට සැකකරන පොලිසිය සැකකරයි.

ඝාතනය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනවලින් අනතුරුව සිද්ධියෙන් පැය කිහිපයකට පසු අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ 24 හැවිරිදි සිසුවෙකි.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *