කලුබෝවිල රෝහල් සේවකයෙකුට කොවිඩ්

කලුබෝවිල රෝහලේ කාර්යය මණ්ඩලයට අයත් සේවකයෙකුටද කොවිඞ් 19 වෛරසය වැළදී තිබේ. අදාල සේවකයාට පසුගිය 15 වනදා රාජකාරියට පැමිණීමේදී උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කර ඇති අතර, ඒ අනුව සිදුකළ පී සී ආර් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි සෞඛ්ය අංශ සඳහන් කළේ. දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා කොස්ගම පිහිටි කොවිඞ් ප්රතිකාර මධ්යස්ථානයට යොමු කර තිබෙනවා.
