කලුබෝවිල රෝහල් සේවකයෙකුට කොවිඩ්

කලුබෝවිල රෝහලේ කාර්යය මණ්ඩලයට අයත් සේවකයෙකුටද කොවිඞ් 19 වෛරසය වැළදී තිබේ. අදාල සේවකයාට පසුගිය 15 වනදා රාජකාරියට පැමිණීමේදී උණ රෝගී තත්ත්වයක් පෙන්නුම් කර ඇති අතර, ඒ අනුව සිදුකළ පී සී ආර් පරීක්ෂණයේදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවටයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා කොස්ගම පිහිටි කොවිඞ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *